A Week of New Beginnings: Wrapping Up 2024 and Welcoming 2025 🪔🙏🏻✨
Hello my beautiful people🤗❣️,
මුලින්ම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා මේ සතියේ Newsletter එක ගේන්න ටිකක් පරක්කු වුනාට. ඔයාලා සමහරවිට දන්නවා ඇති අපි මේ weekend එකේ අම්පාරේ ට්‍රිප් එකක් ගියා කියලා. ඉතිං මේ ගමන ගොඩක් දුර ගමනක්; ඇත්තටම එදා ගොඩක් මහන්සියෙන් හිටියේ මම. ඒ නිසා මට newsletter එක ලියලා ඉවරකරගන්න බැරි වුනා🙃🙏🏻.
මේ ගෙවුන සතිය 2024 අවුරුද්දේ අවසානයත් 2025 අවුරුද්දේ පටන්ගැන්මත් යන දවස් දෙකම තිබුන සතියක්. ඒ වගේම අලුත් අවුරුද්දේ මුලම ට්‍රිප් එක ගිය නිසා මේ සතිය ගොඩක් සතුටින් ගතකරන්න පුලුවන් වුනා😍.
31st Night 🥂🎆
2024 අවුරුද්දේ අන්තිම දවස එදා. මේ පාර 31st night එකට මුකුත් ලොකු දෙයක් කලේ නැහැ අපි. එදා මම Chicken burritos ටිකක් හැදුවා. ඒකේ රෙසිපි එක නම් තාම ඔයාලත් එක්ක share කරගන්න බැරි වුනා. මම හිතුවේ මේ රෙසිපි එකට ආයෙත් වීඩියෝ එකක් කරලම රෙසිපි එක ඔයාලත් එක්ක share කරගන්න. කොහොමහරි මේ burritos ටිකත් හරිම රසට තිබුනා. හැබැයි මට තිබුන අවුල තමයි; ඒකේ wrap එක හරියට ඔතාගන්න බැරි වුන එක😅. කොහොමහරි ආයෙත් ඒවා හදලම මේක ලස්සනට ඔතාගන්න පුරුදු වෙන්න ඕන🙌🏻. ඉතිං අපි මේ burritos කනගමන් අපි මේ දවස්වල බලන කොරියන් drama එකත් බැලුවා. වෙනදා වගේම අවුරුද්දේ අන්තිම දවසත් අපි ඒ විදියට තමයි ඉවර කලේ😊.
Stepping into 2025 🪔🌸
ඇත්තටම අපි දෙන්නා marry කලාට පස්සෙ ජනවාරි පළවෙනිදාට කිරි උතුරලා තිබුනේ නැහැ. ඒත් අපි හිතුවා මේ පාර කිරි උතුරලාම මේ අවුරුද්ද පටන්ගන්න😇. එදා ටිකක් උදෙන් අපි නැගිටලා වැඩ පටන්ගත්තා. මම කෑම බීම ටික හෙමීට ලෑස්තිකරනකම් එයා කිරි උතුරවන්න ලිප ලෑස්තිකරගත්තා. කිරි එකත් ලස්සනට ඉතිරුවා🙏🏻. ගොඩක් කැවිලි වර්ග නැති පොඩි කෑම මේසයක් තමයි එදා අපි ලෑස්තිකරගත්තේ. මම හදපු කිරිබත් එකයි, ලුණු මිරිස් එකයි, මාළු ඇඹුල්තියල් එකයිත් ගොඩක් රසටම තිබුණා. අපි කිරිබත් කාලා ඉවර වෙලා තේ බොනගමන් කේක් කෑල්ලකුත් කෑවා😍. ඊට පස්සේ ටිකක් හවස්වෙලා අපි පන්සල් ගියා. මම ආසම මේ වගේ දවස් එයත් එක්ක මේ විදියට ගතකරන්න. මට එතකොට හිතට ලොකු සතුටක් දැනෙනවා🥰.
Mushroom Curry 🍄
මම ගොඩක් දවස් වලට ලේසියට හතු හදන්නේ තෙල් දාලා. ඉක්මනට හදාගන්න පුලුවන්නේ😅. මේ පාර මම හතු කරී එකක් තමයි හැදුවේ. ඇත්තටම මම මේ කරී එක හැදුවේ දෙවෙනිපාරට. මම කාපු රසම හතු කරී එක තමයි මේක. මම මේ රෙසිපි එක හොයාගත්තේ youtube එකෙන්. ඔයාලත් මේක try කරලා බලන්නකෝ😋.
When the Phone Rings - New korean drama🧏🏻♀️☎️
මේ දවස් වල මම මේ අලුත් korean drama එක බලනවා. Netflix එකට මේ drama එක ආපු දවසෙම මම බලන්න ගත්තා. එතකොට ඔක්කොම episodes ඇවිත් තිබුනේ නැහැ. ලගදි episodes ටිකක් ආවා. ඒ ටිකත් මම හෙමීට බලාගෙන යන්වා. මේ කතාවේ story එකත් හරිම interesting . මම තාම අන්තිම ටික බැලුවේ නැහැ; ඒ නිසා මේ කතාව තාම හරියටම ඔයාලට recommend කරන්න අමාරුයි😃. මම බලපු ටික අනුව නම් මේ කතාව නියමයි. ඉතුරු ටිකත් බලලාම review එකක් දෙන්නම්කෝ ඔයාලට🤗.
Evening Walk | Dinner🚶🏻♀️🍽️😇
අපි ගොඩක් weekeneds වලට පොඩ්ඩක් ඇවිදින්න එලියට යනවා. නිතරම වගේ අපි යන්න පුරුදු වෙලා ඉන්නේ තලවතුගොඩ walking track එකට. ගොඩක් වෙලාවට අපි ඒකේ 1km වගේ ඇවිදලා ආයෙත් එනවා😃. අපි දෙන්නා plan කලේ ඊලගපාර මීට වඩා තවදුරක් ඇවිදින්නයි. ඇත්තටම මේ විදියට ඇවිදින එකෙන් mind එක relax වෙනවා අපේ☺️.
එදා රෑට අපි dinner එක ගත්තේ ඒ හරියෙම තියෙන Bakery at the lake කියන restaurant එකෙන්. ඒ restaurant එක පාරට ගොඩක් ලගවුනත් එතන තියෙන vibe එකට අපි ගොඩක් කැමති. අපි එදා ගත්තේ rice වර්ග දෙකක්මයි. ඉතිං ඒ rice වල රසේ ලොකු වෙනසක් නම් තිබුනේ නැහැ. ඒත් අපි කලින් දවසක කාපු lasagna එකේ රස, short-eats වල රස නම් හොදටම තිබුනා❤️.
Starting the New Year with Adventure: Exploring Ampara 🚗✨🌿
ඉස්සර අපි දෙන්නා ගොඩක් ආසයි හොද hotels වලට ගිහින් pool එකේ enjoy කරලා, buffet වලින් එක එක කෑම කාලා enjoy කරන්න පුලුවන් trips යන්න. අපි ඒ වගේ trips දිගටම ගිය නිසා අපිට හිතුනා hotel staying type trip එකක් නොයා; exploring type trip එකක් මේ පාර යන්න😃. අපේ රටේ අපි තාම නොගියපු තැන් ගොඩක් තියෙනවා. අපි දෙන්නා හිතාගෙන ඉන්නේ මේ අවුරුද්දේ පුලුවන් තරම් ලංකාවේ ලස්සන තැන explore කරන්න. අපි තාම තරුණයි; ඉතිං මට හිතෙනවා අපිට මේ කාලේ තමයි හොදටම ගොඩක් තැන් වල ඇවිදින්න, hiking යන්න වගේ adventurous දේවල් කරන්න පුලුවන් කියලා.
මේ අවුරුද්දේ අපි මුලින්ම ගියේ අම්පාරටයි. අපි දෙන්නම කවදාවත් අම්පාරට ගිහින් තිබුනේ නැහැ. ඇත්තටම අම්පාර මෙච්චර ලස්සනයි කියලා මම දැනගෙන හිටියේ නැහැ🥹❤️. එහේ අපිට බලන්න තැන් ගොඩක් තියෙනවා, ඒ වගේම ලස්සන ගම් තියෙනවා. එහේ පරිසරය හරිම ලස්සනයි. ඒ weather එකටත් මං හරිම ආසයි.
පලවෙනි දවසේ අපි මුලින්ම ගියේ නාමල් ඔයට. ඊලගට අපි බුද්දංගල රජමහා විහාරයට ගියා. අන්තිමටම ගොඩක් හවස්වෙලා අපි කොන්ඩුවටුවන වැවටත් ගියා. මේ හැම තැනක්ම හරිම ලස්සනයි.
අපි නතරවුණ hotel එක ගැන ඔයාලට කියන්නම ඕන. එකේ නම Hotel Senondra. අපි දවස් තුනක trip එකක් තමයි ගියේ. ඉතිං අපි පුලුවන් තරම් ඇවිද්දා. Hotel එකේ අපි වැඩි වෙලාවක් කාලය ගතකලේ නැහැ. අපි වගේ අම්පාර explore කරන්න බලාගෙන trip එකක් ඔයාලත් යනවා නම් මම කැමති මේ hotel එක ඔයාලට recommand කරන්න. පොඩි පොඩි අඩුපාඩුකම් තිබුනත්; overall ගත්තාම මට එයාලගෙ service එක හොදටම satisfying . මම කැමති room එකයි bathroom එකයි පිරිසිදුවට තියෙනවාට. ඒ වගේම staff එකේ අය friendly and welcoming feeling එකක් දෙනවටත් මම කැමති. ඉතිං මේ දේවල් මේ hotel එකේ තිබුනා.කෑම එහෙමත් සාමන්‍යයෙන් රසට තිබුනා. I’d like to thank Hotel Senondra for their good service during our stay.
ඉතිං පහුගිය මාස කිහිපයේම අපි දෙන්නා මේ විදියේ trip එකක් ගියේ නැහැ. ඒ දවස් වල තිබුන ප්‍රශ්න නිසා අපි ගොඩක් stress වෙලා හිටියේ. ඒ ප්‍රශ්න ටිකක් අඩුවෙනකන් අපිට කොහෙවත් යන්න හිතුනෙත් නැහැ🙁. ඒ විදියට අපි මේ ගෙදර ඉදන් ගොඩක් stress එකේ දිගටම වැඩ කලා. අන්තිමේදී ඒ ප්‍රශ්න ටිකක් අඩුවෙනකොට අපි හිතුවා මේ trip එක යන්න හොදම වෙලාව කියලා🥹. ඉතිං මේ trip එකෙන් අපේ mind එක ගොඩක් relax වුනා. අපි දෙන්නා ඇත්තටම ගොඩක් enjoy කරපු ට්‍රිප් එකක් වුනා මේක. අපි ගොඩක් සතුටු වුනා, ගොඩක් memories එකතුකරගත්තා. ඉදලා හිටලා හරි මේ විදියට trip එකක් ගිහිල්ලා අපේ mind එක relax කරගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා🥰.
අපේ trip එකේ budget එක ගැන විස්තර ඊලග newsletter එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්නම්. ඒ වගේම මේ trip එකේ පිංතූර කතා; මගේ fb page එකෙන් සහ tiktok channel එකෙන් ඔයාලට කියවන්න පුලුවන්🤗.
මම හිතනවා මේ අවුරුද්ද ඔයාලා සතුටින් පටන්ගන්න ඇති කියලා; ඒ වගේම මේ අවුරුද්ද ඔයාලා හැමෝටම සුබ වෙන්න කියලාත් මම ප්‍රාර්තනා කරන්වා🙏🏻✨.
Mentions in the Newsletter 👒:
31st night | Chicken burritos: https://youtube.com/shorts/0aniPBO0i_0?si=bjiAJDBqBFnHhHLS
1st of January: https://youtube.com/shorts/-A4RMlkjieg?si=y1Xc1UvGi6y8pGNf
Mushroom curry:
When the Phone Rings: https://g.co/kgs/HEc9h9s
Bakery at the lake restaurant: https://www.watersedge.lk/we-restaurant/bakery-at-the-lake/
Namal oya: https://youtube.com/shorts/EuaZhoB-8n8?si=Hmtem7-vPQo2TQRq
Hotel Senondra: https://g.co/kgs/R8FfTKm











Mental health is the most valuable things to live😊
Akka kohend k drama blnne