Hello you guys🪻,
ඔයාලා දකින්න ඇති මම ගිය සතිවල ගොඩක් contents ඔයාලත් එක්ක share කරගත්තේ නැහැ කියලා. ඇත්තටම මට වීඩියෝ එකක් shoot කරන්නවත් ආසාවක් තිබුනේ නැහැ. ගෙදර වැඩක්වත් මට හරියට කරගන්න බැරි වුනා. මම කලින් newsletter එකේ කිව්වා වගේ අපි ගාල්ලේ ගිහින් සදුදා තමයි ආයෙත් ගෙදර ආවේ. ඒ වගේම වෛරස් ලෙඩක් නිසා මම ගොඩක් අසනීපත් වෙලයි හිටියේ. දැන් නම් ගොඩක් දුරට මට සනීපයි. මේ දේවල් නිසා එකපාරටම මට මගේ daily routine එක පටන්ගන්න බැරි වුනා. ඒත් මම කොහොමහරි මගේ routine එක හෙමීට පටන්ගත්තා. අද ඒ ගැන ඔයාලත් එක්ක share කරගන්න හිතුවා😃.
How I Spent My Time 🕰️🫤
සමහර දවස් තියෙනවා මේ වගේ මම track එකෙන් පිට යන. අපි ගාල්ලේ ගියාම අම්මලා අපිට හොදට සලකනවා. ඉතිං අපි comfort zone එකකට වැටෙනවා අපි දන්නේම නැතුව. ඊටපස්සේ ගෙදරට ආවාම මට වැඩකරන්න කම්මැලිකමක් එනවා. මට මේ දේ ගොඩක් වෙලාවට වෙන්නේ අම්මලා බලන්න ගිහින් ආවාම තමයි😅.
ඊටපස්සේ මේ කම්මැලිකමත් එක්ක මම උදේට නැගිටින්නෙත් ටිකක් පරක්කු වෙලා. ඒ නිසා දවසේ වැඩ ගොඩක් කරගන්න බැරිවෙනවා. ඒ වගේම මම ගොඩක්වෙලා social media වල කාලය ගතකරනවා; එහෙමත් නැත්නම් tv series එකක් බලන්වා. ඉතිං දන්නෙම නැතුව මගේ වෙලාවම ගෙවිලා යනවා. තව මම මේ වගේ දවස් වලට කනබොන දේවල් ගැන වැඩිය හිතන්නෙත් නැහැ. මොනවාහරි පැණිරස කෑමක් තමයි කන්න බලන්නේම.
මේ දේවල් නිසා productive විදියට දවස ගතකරගන්න බැරිවෙලා මගේ mindset එක ගොඩක් negative පැත්තට හැරෙනවා.
Recognizing the Need for Change🙂💭
මේ වගේ කාලය නාස්තිකරනකොට මට ලොකු guilty feeling එකක් එනවා. ඒ වගේම හස්බන්ඩ් ගොඩක් මහන්සි වෙලා වැඩකරනවා දකිනකොට මටම මං ගැන ලැජ්ජා හිතෙනවා. තව මම ගෙදර clean කරන වැඩක්වත් කරන්නේ නැති නිසා මට පේනවා ගෙදර අපිරිසිදුවෙලා තියෙන තැන්. ඒ විදියට ගෙදර අපිරිසිදු වෙලා තියෙනවා දකිනකොට ඒක ඔළුවට ලොකුබරක් විදියට තමයි මට දැනෙන්නේ. එතකොට මම තේරුම්ගන්නවා 'දැන් මේ විදියට කාලය නාස්තිකලා ඇති; ආයෙත් මගේ වැඩටික පටන්ගන්න ඕන' කියලා.
What Worked for Me🙌🏻😃
මගේ වැඩ ටික පටන්ගන්න නම් මම ආයෙත් motivate වෙන්න ඕන. මම ගොඩක් වෙලාවට හස්බන්ඩ්ගෙන් තමයි advice ගන්නේ මට මොනවාහරි ප්රශ්නයක් වුනාම. ඉතිං මම එයාගෙන් ඇහුවා ‘මට ආයෙත් motivation එක ඇතිකරගන්න මොනවාහරි කියන්න' කියලා. එතකොට එයා නිතරම කියන්නේ 'කවුරුත් එක එක motivational speeches කිව්වට motivation එක ඇතිවෙන්නේ නැහැ; motivation එක ඇතිවෙන්නේ තමන්ම තමන්ගේ වැඩක් කරගෙන යනකොට' කියලා😉🫠.
ඒ වගේම මගේ නංගිගෙනුත් මම ගොඩක්වෙලාවට advice ගන්නවා. එයා පහුගිය අවුරුද්ද පුරාවටම ගොඩක් mental stress එකේ හිටපු කෙනෙක්. ඒත් එයා දැන් වෙනකොට එයාගේ ප්රශ්න ගොඩක් විසදගෙන එයාගේ life එක ගොඩක් productive විදියට ගතකරනවා. ඉතිං එයාට ඒ තත්වයෙන් ගොඩඑන්න උදව්වුන දේවල් ගැන මාත් එක්ක කිව්වා.
එයා social media හැමදේකින්ම වගේ ගොඩක්කල් ඈත්වෙලා හිටියා.එයා දැනටත් වෙනදා තරම් social media වලට එයාගේ කාලය නාස්තිකරන්නේ නැහැ. ඒ වගේම එයාට ගොඩක්ම mentality එක හදාගන්න උදව් වුන influencers ලා කිහිපදෙනෙක් ගැන කිව්වා. එයාලගේ videos වලින් එයා ගොඩක් දේවල් ඉගෙනගත්තා කිව්වා. මාත් ඒ අයගේ videos බැලුවා. මම කැමති ඒ අය අතරින් මේ YouTube Channels දෙක ඔයාලට recommend කරන්න.
1. Thewizardliz 🪄🎀
මේ channel එක ගොඩක් ගෑණුලමයි දන්නවා ඇති. ඒත් ඇත්තටම මම නම් මේ ගැන මගේ නංගිගෙන් තමයි දැනගත්තේ😃. මේ channel එකේ ගොඩක් තියෙන්නේ ගෑහැනුලමයිට හරියන motivational speeches. එයා කතාකරන style එකටත් මම හරිම කැමතියි. ඇත්තටම එයා topic එකක් ගැන කතාකරන points ටික නම් ගොඩක් වැදගත්.
2. Buddhism 🪷🛐
අපි විතරක් නෙමෙයි ලෝකයේ ගොඩක් අය මේ channel එක ගැන දන්නවා. හිත නිවාගන්න, ඒ වගේම මනස සංසුන් කරගන්න, ජීවිතයට වැදගත් දේවල් ගොඩක් සරළව ඉගෙනගන්න මේ channel එකේ තියෙන videos ගොඩක් උදව් වෙනවා.
Slowly Getting Back on Track😍📈
මම මුලින්ම කලේ මේ channels වල videos බලලා මගේ mind එක; වැඩකරන්න හිතෙන විදියට හදාගත්ත එක. ඊටපස්සේ මම කලේ ගොඩක් අඩු වෙලාවකින් කරන්න පුලුවන් task එකක් හොයාගත්ත එක. Content create කරන වැඩකට නම් ගොඩක් වෙලාව යනවා. Cleaning කියන්නෙත් මගේ daily life එකේ ලොකු කොටසක්. ගෙදර පිරිසිදුව පිලිවෙලට තියෙනකොට මට හරිම හිතට සතුටුයි. ඒ නිසා ගෙදර ඉක්මනින්ම clean කරන්න පුලුවන් තැනක් හොයාගෙන මම එතැන clean කලා. ඒ දේ නිසා මට self motivation එකක් ඉක්මනින්ම ලැබෙනවා. ඉතිං ඒ වගේ පොඩි පොඩි tasks කිහිපයක්ම මම ඉක්මනින්ම ඉවරකරගත්තා. ඊලගට මම cooking video එකකුත් හැදුවා. එදා මම ඒ හදපු වීඩියෝ එකට මම හිතුවට වඩා ගොඩක් හොද ප්රතිචාරත් ලැබුනා. ඒ නිසා මට එදා දවස ගොඩක් සතුටු දවසකුත් වුනා ඇත්තටම🥰.
මට හිතෙන විදියට නම් ආයෙත් මගේ track එකට එන්න නම්; මම ගෙදර clean කරන වැඩකින්ම මගේ වැඩ ආයෙත් පටන්ගන්න ඕන😁. ඉතිං මේ විදියට තමයි මම ආයෙත් ටික ටික මගේ routine එක පටන්ගත්තේ😊.
මම හිතනවා අපි හැමෝටම මේ ප්රශ්නයට මුහුන දෙන්න වෙලා ඇති කියලා. ගොඩක් දවසක් අපේ routine එකෙන් ඈත්වෙලා ඉදලා ආයෙත් routine එක පටන්ගන්න එක නම් මට ටිකක් අමාරු වුනා. ඒත් ආයෙත් ඒ routine එක මම පටන්ගත්තේ කොහොමද කියලයි අද ඔයාලත් එක්ක share කරගත්තේ. ඒ වගේම මම කැමතියි දැනගන්න; මේ වගේ situation එකකදී ඔයාලා කරන දේවල් ගැනත් මාත් එක්ක share කරගන්නවා නම්😃.
Wishing you all a week full of focus and productivity✨!
An Important notice 😀
❤️❤️❤️